Thursday, February 2, 2012

තම රැකවරණයට කිසිවකු නැතැයි

තම රැකවරණයට කිසිවකු නැතැයි, පවසමින් මහනුවර දවුලගල පොලීසියට පැමිණි ළමුන් සිව් දෙනෙකු පිළිබඳ නිවුස් ෆස්ට් ජනවාරි මස 19 වෙනිදා තොරතුරු වාර්තා කළේය.


එහි ප්‍රතිඵලයක් ලෙස උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දවුලගල පොලීසිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ ද සහය ඇතිව ඔවුන්ට නිවසක් තනා දීමට පියවර ගත්තේය.

එලෙස තැනූ නිවහන භාරදීමේ උත්සවය  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

අදාළ උත්සවය ඇමතූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

"සිරස මාධ්‍යට අපේ විශේෂ ගෞරවය හිමි කරන්න ඕන මොක ද සිරස මාධ්‍ය අපේ චමිල්ගේ රූප රාමු යැව්ව පමණින් ඒකට හොඳ ප්‍රසිද්ධියක් දුන්න නිසා තමයි මේක ගැන අපේ රේණුකා මැතිණියගේ සියලු නිලධාරීන්ගේ අවධානය යොමු වෙලා මේ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රදේශයේ පොදු ප්‍රශ්නයක් බවට භාර අරගෙන රාජ්‍ය නිලධාරීන් සේරම මේකට එකතු වුණේ"

ගමේ පුවත හරහා මෙම පුවත රට හමුවේ අනාවරණ කළ නිව්ස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු චමිල් රූපසිංහ ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
සිරසට ගෞරවය හිමි විය යුතුයි
newsfirst.lk මේ කතාව බලන්න කැමති අය like කරන්න

0 comments:

Post a Comment | Feed



 
^

Powered by BloggerKandy News Plus by UsuárioCompulsivo
original Washed Denim by Darren Delaye
Creative Commons License