Friday, February 3, 2012

රනිල් අරියාදුව ගණන් නොගනී


එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ සංචාරක යෙදෙන ගමන් අද (3) බේරුවලට ද ගියේය.
බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් තිලක සිරි මහතාගේ ද ඉස්ටිකාර් ජමීල් මහත්වරුන්ගේ ද හා ජයන්ත අබේගුණවර්ධන මහත්වරුන්ගේ ඇරියුමින් වික්‍රමසිංහ මහත්වරු ඇතළු පිරිසක් වික්‍රමසිංහ මහතා පිළිගත්හ.
මහා ලේකම් තිස්ස අත්තනායක , ලක්ෂ්මන් විජේමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම පළාත් සභා මන්ත්‍රි  කිත්සිරි කහටපිටිය, ඒ.එම්. යුසුප් යන මහත්වරුද වික්‍රමසිංහ මහතා සමග එහි ගියහ. පිටකෝට්ටේ සිරිකොත මන්දිරයට පසුගිය දා සිදු වූ හානි වෙනුවෙන් වික්‍රමසිංහ මහතාට බේරුවල ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් වික්‍රමසිංහ මහතාට  මුදල් ද පරිත්‍යාග ද කළහ.
කුඩා දරුවෝ ද ඒ අතර වූහ.
වික්‍රමසිංහ මහතා ඉස්ට්කාර් මහතාගේ නිවෙසට යද්දී එක්සත්ජාතික පක්ෂයේම බව කියන පිරිසක් නොසන්සුන්ව හැසිරීමෙන් විරෝධය පළ කළහ.
වික්‍රමසිංහ මහතා පළිගැනීමට පැමිණ සිටි පිරිස් එම කණ්ඩායමට විරෝධය පළ කැර ඔවුන් ඉවත් කළ බවත් ඔවුන්ගේ කඩාකප්පල්කිරී සැලැසුම් මුළුමනින්ම අසාර්ථක වූ බවත් පක්ස මහා ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

0 comments:

Post a Comment | Feed



 
^

Powered by BloggerKandy News Plus by UsuárioCompulsivo
original Washed Denim by Darren Delaye
Creative Commons License